නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “නිරෝගී දිවියකට පෝෂණීය ආහාර” මැදරට ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි

    අගෝස්තු 18, 2016

    මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන මැදරට කෘෂිකර්ම සහ පශු සම්පත් ප‍්‍රදර්ශනය අද (18) පෙරවරුවේ නුවරඑළිය නගරශාලා පරිශ‍්‍රයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    අද සහ හෙට (19) දෙදින තුළ පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය පළාතේ පාසල් දරුදැරියන්, තරුණ ප‍්‍රජාව, ගොවි ජනතාව සහ පළාතේ කෘෂි ව්‍යවසායකයන් සඳහා කෘෂි ක්ෂේත‍්‍රයේ දැනුම ලබාදීම සහ කෘෂි ව්‍යාපාර ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබයි.

     

    නුවරඑළිය, මහනුවර සහ මාතලේ දිස්ති‍්‍රක්ක ආවරණය වන පරිදි තෝරාගනු ලැබූ හොඳම කිරිගොවිපොළවල් තුනට සහ හොඳම සත්ව පාලන ව්‍යවසායකයාකයින් තිදෙනාට තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    කිරිගොවීන් සඳහා කිරිදෙවීම යන්ත‍්‍ර සහ තණකොළ කැබලි කිරීමේ යන්ත‍්‍ර ප‍්‍රදානයක් ද මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ඒ සඳහා එක් විය.

     

    අමාත්‍ය එස්.බී. දිසානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් සහ මධ්‍යම පළාත් මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya