නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් ජනපතිට පැසසුම්

    අගෝස්තු 18, 2016
    කාලගුණික විපර්යාස අවම කිරීම සහ පරිසරය සුරකීමේ ප‍්‍රඥප්තීන් නිසිලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා වැනි අවංක දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා (Irina Bokova) මහත්මිය සඳහන් කළාය.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනාවක් මත මෙරටට පැමිණ සිටින ඉරීනා බොකෝවා මහත්මිය ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළාය.
     
    තමන් ඉකුත් දින කිහිපයේ ශ‍්‍රී ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කළ බවත් ස්වභාවික සුන්දරත්වයෙන් හෙබි ශ‍්‍රී ලංකාවේ, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය මගින් ආධාර ලබාදීමට හැකිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බවත් බොකෝවා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
     
    එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩනඟමින් ආර්ථික වර්ධනය ඇතිකිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බව ද ඇය ප‍්‍රකාශ කළාය.
     
    මෙරට සංස්කෘතික හා අධ්‍යාපනික කටයුතු උදෙසා යුනෙස්කෝ සංවිධානය දීර්ඝ කාලයක් පුරා ලබාදෙන ආධාර වෙනුවෙන් සිය ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා ඉදිරියටත් එම සහය අපේක්ෂා කරන බව ද පැවසීය.
     
    පැරිසියේ පැවති කාලගුණ විපර්යාස පිළිබඳ සමුළුවේදී බොකෝවා මහත්මිය සමග පැවැත්වූ සාකච්ඡා පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා පරිසරය සුරකීමේ ජාත්‍යන්තර එකඟතාවයන්ට අනුකූලව කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාව කැපවී සිටින බව ද සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප‍්‍රංශ ශ‍්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා, යුනෙස්කෝ නවදිල්ලි අධ්‍යක්ෂ ෂිගේරු ඔයාගී, ශ‍්‍රී ලංකා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂිකා ධම්මිකා විජයසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya