නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය රෝහලට නව වාට්ටු සංකීරණයක්

    අගෝස්තු 16, 2016

    ඇඹිලිපිටිය මහ රෝහලේ නවීන තාක්ෂණයෙන් යුතු නව ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (15) ජනතා අයිතියට පැවරිණි.

    දීර්ඝ කාලීනව රෝහලේ පැවති අඩුපාඩු රැසක් සපුරාලමින් රුපියල් කෝටි 100 ක පමණ මුදලක් වැය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කර තිබේ.

    සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති වාට්ටු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    පිරිමි වාට්ටුව සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදු වූයේද ජනාධිපතිතුමා අතිනි.

    රෝහලේ ඉදිකෙරෙන පස් මහල් ගොඩනැඟිලි සංකීර්ණය සඳහා මුල් ගල් තැබීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ඇඹිලිපිටිය මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 5700 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya