නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන, සංචාරක හෝටල්වලට සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙක්

    අගෝස්තු 14, 2016

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන, ආයුර්වේද පහසුකම් ඇති සියලු සංචාරක හෝටල්වලට  සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙක් සිටිය යුතු බවට නීතියක් ගෙන එන බව  සෞඛ්‍ය,පෝෂණ හා ආයුර්වේද වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රසාරණයට ආයුර්වේද ක්ෂේත්‍රය සම්බන්ධ කරගනිමින් ඇති දීර්ග කාලීන වැඩපිළිවෙලක් තිබෙනවාදැයි විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි


    සියලුම බටහිර වෛද්‍යවරු සිටින සියලු ආයතනවලට දන්වා තිබෙනවා, අවශ්‍ය ආයුර්වේද වෛද්‍යවරු ප්‍රමාණය කොපමණ ද කියලා දන්වන්නට. ඉදිරියේ දී නීතියක් ගේනවා,ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන, ආයුර්වේද පහසුකම් ඇති හෝටල්, සියලු තැන් වල ඒකාන්ත වශයෙන් ම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙක් සිටිය යුතු බවට. ඉන් පසු ඒ හෝටල්වල තිබෙන ඇඳන් ප්‍රමාණය අනුව, වෛද්‍යවරු වැඩි විය යුතුයි. සියලු සංචාරක හෝටල්වලට ඒ නීතිය ක්‍රියාත්මක කරනවා.

     

    ආයුර්වේද උපාධිය සම්පූර්ණ කළ දහසකට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවත් 2016 -6- 30 වනවිට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි පත්වීම් ලබා නොමැති සංඛ්‍යාව 649ක්.ඔවුන් වෙනුවෙන් රැකියා ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

    රාජ්‍ය සේවයේ දැනට පවතින ආයුර්වේද  පරප්පාඩු සංඛ්‍යාව 107කි.ආයුර්වේද විරැකියා ගැටළුව විසඳීමට කටයුතු කරනවා. පුරප්පාඩු 107 සඳහා නව ආයුර්වේද වෛද්‍යවරු බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ අගෝස්තු මස පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya