අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඔවුන් මුහුණුපාන ගැටළු සම්බන්ධයෙන් විවාදයට ගත් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
අපගේ රට වෙනුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන් ඉටුකරන සේවය අතිවිශාලයි. ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් ඇති විකල්පය ලෙස තෝරා ගන්නේ මැද පෙරදිග සේවයයි. විදෙස් රැකියාවලට යන කිසිවෙකු තම නෑදෑයින්,දූ දරුවන්, සැමියා ,බිරිඳ හැරදා යන්නේ කමැත්තෙන් නොවේ.
මේ ආකාරයට විදෙස් රැකියාවලට යන අපගේ ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. සේවා කොන්දෙසි උල්ලංඝණය,වැටුප් නොලබීම ආදී විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. විදෙස් ශ්‍රමිකයන් ලෙස නුපුහුණු කාන්තාවන් සේවිකාවන් හැටියට පිටරට යැවීම නොකළ යුතුයි.
ගෘහ සේවිකාවන් ලෙස මව්වරුන්ට සීමා පැනවීම තාවකාලික පියවරක්.ඒ සඳහා සැලසුමක් තිබිය යුතුයි.ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිගට කාන්තාවන් යැවීම නතර කළ යුතුයි. වසර පහක් තුළ කුමාණුකූල වැඩසටහනක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක්. වෙනත් විකල්පයක් නෑ. කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීම සමාජ ගැටළු රැසක් ඇතිවෙනවා.අම්මා කෙනෙකු දරුවන්ට ඉටුකරන දේ වෙනුවෙන් තාත්තා විකල්පයක් නොවේ.දරුවන්ට මව අවශ්‍යයි.
විදේශ රැකියා සඳහා පිටව යන ශ්‍රමිකයන්ගේ සේවා කොන්දේසි සුපරික්ෂාණ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි.විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් ද විශාල ලෙස සැක සංකා තිබෙනවා. සත්‍ය ලෙස කොපමණ සංඛ්‍යාවක් රැකියා සඳහා විදේශගත වී සිටින සංඛ්‍යාව සොයාගැනීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.