එහි ප්රධාන විධායක නිලධාරි Siva Mahasandana මහතා ඇතුළු ප්රධාන පෙළේ නිලධාරින් පිරිසක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.
ශී්ර ලංකාව අද ලබා තිබෙන ආර්ථික වර්ධන වේගය මෙහිදී මෙම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් වූ අතර ශී්ර ලංකාව අද ආයෝජන සඳහා ඉතා සුදුසු රටක් බවත් ඉදිරියේදී ශී්ර ලංකාව තුළ තවත් ආයෝජන රැසක් සිදු කිරීමට තම සමාගම කැමැත්තෙන් සිටින බවත් ප්රකාශ කළේය.
ශී්ර ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් දැනුවත් කළේය.
ශී්ර ලංකාවේ තායිලන්ත තානාපතිවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.