නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව උපරීමයෙන් තහවුරු කර තිබෙනවා- ජනපති

    අගෝස්තු 05, 2016

    යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් කිසිදු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිසුන්ගෙන් ඉල්ලා සිටි.

    යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමාපියන් පිරිසක් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේය.

    පසුගියදා විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම සහ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    මෙහිදී අදහස් දැක්වූ උපකුලපතිනි වසන්ති අර්සරත්නම් මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුළ යළිත් කිසිසේත් එවන් සිදුවීමක් ඇති නොවන ආකාරයට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවයි.

    ශිෂ්‍යයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් වගකියන බව මෙහිදි ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ සංවේදිව කටයුතු කරන ලෙස පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙන බව ද සඳහන් කළේය.

    විශ්වවිද්‍යාලය තුළ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශිෂ්‍යයින්ගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

    උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya