ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥානවීර මහතා විසින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමාට පොපි මල පළඳවනු ලැබීය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් රියර් අද්මිරාල් එස්. ආර්. සමරතුංග, භාණ්ඩාගාරික ලෙෆ්ටිනන් කර්නල් ඩී. එම්. අමරකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.