නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි කළමනාකරුවන්ගේ වෘත්තීය ගැටලු ජනපතිගේ අවධානයට

    අගෝස්තු 02, 2016
    දිවයිනේ හොඳම සහ ප‍්‍රමුඛ ම ක්ෂ්ද්‍ර මූල්‍ය ආයතනයක් බවට පත්ව තිබූ සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ කිසිදු ඇගයීමක් සිදු නොකළ පසුගිය ඒකාධිපති පාලනය සහ පරිපාලනය එම වැඩසටහනත්, සේවකයනුත් අගාධයට ඇද දමමින් ව්‍යාපාරයේ මුදල් බිලියන ගණනින් කොල්ලකෑමට කටයුතු කළ බවට සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය චෝදනා කරති.
     
    දිවයින පුරා සමෘද්ධි කළමනාකරුවන් මුහුණ දී තිබෙන වෘත්තීය ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කිරීමට සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අතර එහිදී ඔවුන් මේ බව ප‍්‍රකාශ කළහ.
     
    සේවක බලාපොරොත්තු බිඳ වැටීම තුළ අතෘප්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති සමෘද්ධිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට පරිවර්තනය කරමින් රටට වැඩදායක ආයතනයක් බවට පත් කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ද ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
     
    බඳවා ගැනීම සහ උසස්වීම් සංශෝධනය අනුමත නොවීම, 2013 අංක 01 දරන දිවිනැගුම පනතින් සම්මත කරන ලද දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ගැටලු, දිවි නැගුම දෙපාර්තමේන්තුව කි‍්‍රයාත්මක කර වසර 03 කට ආසන්න වන නමුත් මේ වන තෙක් කිසිදු සේවකයෙකුට විශ‍්‍රාම වැටුපකට හිමිකම් නොලැබීම ඇතුළු ගැටලු රැසක් මෙහිදී ඔවුන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.
     
    අදාළ ආයතන සමග සාකච්ඡා කර එම ගැටලු විසඳිමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    එමෙන්ම වෘත්තීය සමිතිවල වගකීම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපතිතුමා කියා සිටියේ වෘත්තීය සමිතියක මූලික අරමුණ විය යුත්තේ ගැටලු ඇති කිරීම නොව ගැටලු නිරාකරණය කර ගනිමින් ඉදිරියට යාම බවයි.
     
    සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති පි.කේ. රනුග්ගේ, සම ලේකම්වරුන් වන දිසානායක ලියනගේ, එස්.ඩී.එස්. ප‍්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya