මෙවර සම්මාන ප්රදානය කරනු ලබන්නේ 2014 / 2015 වර්ෂයන්ට අදාල ව වන අතර, සම්මාන උළෙල පැවැත්වෙන්නේ 20 වැනි වරටය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන අමාත්‍යවරුන් ද, තානාපතිවරුන් හා මහකොමසාරිස්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.