නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ඉන්දුනීසියාවට ළඟා වෙයි

    අගෝස්තු 01, 2016

    ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය  ඇතුලූ දූත පිරිස අද (01) දින පස්වරුවේ ජකර්තා නුවර සුකර්නෝ – හත්තා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දුනීසියාවට ළඟාවූහ.


    ජකර්තා නුවරට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දුනීසියාවේ වෙළඳ කටයුතු අමාත්‍ය එන්ගර්තියස්තෝ ලූකිතා මහතා විසිනි.

    එම අවස්ථාවට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මහතා ප්‍රමඛ තානාපති කාර්යාලයීය නිලධරීහු ද එක්ව සිටියහ.

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන් ද මේ සංචාරයට එක්ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya