නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාට කළ ආර්ථිකයක් නොව ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට එක්වන්න

    ජූලි 22, 2016

    රටේ ආර්ථිකය කඩා වැටී ඇතැයි මිත්‍යාවක් ගොඩනැඟීමට ඇතැමුන් උත්සහ කරන මෙම අවධියේ පාට කළ ආර්ථිකයක් නොව ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට එක්වන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලා සිටියේ ය.

    අපට භාරදුන්නේ,  දණ ගැස්සූ ආර්ථිකයක්. අද සංවර්ධනය සෑම කොණකම ආරම්භ කර තිබෙනවා යැයි අමාත්‍යවරයා සඳහන් කළේ, අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.


    තවදුරටත් අඳහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,එදාට වඩා අද ජීවන වියදම අඩු කරගැනීමට හඑකි වී තිබෙනව.අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කර තිබෙනවා. ජීවන වියදමට සාපේක්ෂව ආදායම වැඩි කරගෙන තිබෙනවා. ආදායමේ හ වියදමේ සමබරතාවයක් ඇති කර තිබෙනවා යැයි සඳහන් කළේ ය.

    එදා හම්බන්තොට වරායට කෝටි 28,200ක් වියදම් කළා. අද එහි ආදයම මිලියන තුන්සියයක්.මෙහි ණය ගෙවන්න සිදු වී තිබෙන්නේ කොළඹ වරායේ ආදයමෙන්. සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට මිලියන 4500ක් වියදම් කළා. අපි තක්සේරුවක් කළා. එහි වටිනාකම මිලියන 852යි. ඉතිරි මිලියන 3700ට සිදු වුණේ කුමක්ද?එය වියදම් කර තිබෙන්නේ කවුද?

    මේවා ගැන ප්‍රශ්න කළාම දේශපාලන හිරිහැර කරනවා කියනවා.ආර්ථිකය කඩා වැටිලා කියලා මිත්‍යාවක් රටේ ගොඩනගන්න උත්සහ කරනව. අපි රටේ ආර්ථිකය හදන්න පටන්ගෙන තිබෙනව.අපට අවශ්‍ය වන්නේ, සැබෑ තත්ත්වය පෙන්වල, පාට කළ ආර්ථිකයක් වෙනුවට ජාතික ආර්ථිකයක්. ඒ සඳහ එකතුවෙලා වැඩකරමු යැයි අමාත්‍යවරයා සියලු පාර්ශවයන්ට ආරාධනා කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya