නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් රු.ලක්ෂ 350ක් වටිනා ගිලන්රථක්

    ජූලි 20, 2016

    ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් රුපියල් ලක්ෂ 350ක් වටිනා අංග සම්පූර්ණ ගිලන් රථයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම පසුගියදා ජනාධිපති නිලනිවසේ දී සිදුවිය.



    ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම නියෝජනය කරමින් Toji Eiichi මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ගිලන් රථය සංකේතාත්මකව පිරිනැමුණු අතර අනතුරුව ජනාධිපතිතුමා විසින් එය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත පිරිනැමීම සිදුවිය.

    මෙම අවස්ථාවට මහාසංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, පොලිස්පති පූජිත් ජයසුන්දර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ලාල් තිලකරත්න යන මහත්වරු ඇතුඑ පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya