නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 15කට ස්ථාවර මිල අද සිට

    ජූලි 13, 2016

    සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, වියළි මිරිස්, කරවල, කිරිපිටි යන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ 15 ක මිල සංශෝධනය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව එම භාණ්ඩ සඳහා උපරීම සිල්ලර මිල රජය විසින් නියම කෙරේ.


    ජීවන වියදම් පිළිබඳ කැබිනට් අමාත්‍ය අනුකමිටුව ඊයේ (12) ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වුණු අවස්ථාවේදී මේ පිළිබඳව තීරණයකට එළැඹිණි.

     

    සතොස ආයතනය මගින් පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

     

    භාණ්ඩයක් නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා අතට පත්වන විට අතරමැදියන් විශාල සංඛ්‍යාවක් සිටීම මිල ඉහළ යාමට ප‍්‍රමුඛ හේතුවක් වී ඇති අතර ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

     

    බදු වැඩිවීම මත බදු අය නොකරන භාණ්ඩ ද වැඩි මිලට විකිණිමේ ජාවාරමක් සිදු කෙරෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට පොලිසිය, පාරිභෝගික අධිකාරිය සහ අනෙකුත් ආයතන එක්ව නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

     

    එවැනි ජාවාරම් පිළිිබඳ වැටලීම් සිදුකරන නිලධාරින්ගේ සේවය වඩා කාර්යක්ෂම අයුරින් දීප ව්‍යාප්තව යෙදවීම පිළිබඳව ද සාකච්ඡා විය.

     

    ලෝක වෙළඳපොළ තත්ත්වයන් මෙන්ම ස්වභාවික හේතුන් වැනි භාණ්ඩ මිල ඉහළ යාමට බලපාන හේතු පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට නිසි ක‍්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ද නිලධාරින්ට පෙන්වා දුන්නේය.

     

    පිටරටින් ගෙන්වන භාණ්ඩවලට විකල්ප නිෂ්පාදන සිදු කළ හැකි දේශීය කර්මාන්ත හඳුනාගෙන ඒවා ශක්තිමත් කිරීම සහ වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya