නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව මෙතෝදිස්ත විදුහලේ 202 වන සංවත්සර සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූලි 11, 2016

    මඩකලපුව මෙතෝදිස්ත විදුහලේ 202 වන සංවත්සර සැමරුම් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි.

    1814 වසරේ ආරම්භ කෙරුණු මඩකලපුව මෙතෝදිස්ත විද්‍යාලය ලංකාවේ පළමු ඉංගී‍්‍රසි විද්‍යාලයයි. එංගලන්තයේ සිට පැමිණි මෙතෝදිස්ත මිෂනාරිවරයෙකු වූ විලියම් ඕල්ට් පියතුමා මෙහි නිර්මාතෘවරයා වන අතර 1963 වසරේ දී රජයේ විශේෂ නීතිය යටතේ මෙතෝදිස්ත විද්‍යාලය රජයට පවරා ගැනිණි.

    අද වන විට ශිෂ්‍යයින් 1800 ක් පමණ මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර රටේ ක්ෂේත‍්‍ර රැසක මහඟු මෙහෙවරක් ඉටු කරන උගතුන් සහ බුද්ධිමතුන් විශාල පිරිසක් පාසලින් බිහිව ඇත.

    අද පස්වරුවේ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්හ.

    අනතුරුව ජනාධිපතිතුමා සැමරුම් උත්සවයට සහභාගී විය.

    විදුහල්පති ජේ.ආර්.පී. විමලරාජ් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් සැමරුම් උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya