නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රජය ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණයට දක්වන සහයට ජනපති චීන විදේශ අමාත්‍යවරයාට තුති පුදයි

    ජූලි 10, 2016

    ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය  වෑන්ග් යී (Wang Yi) මහතා පසුගියදා ජනාධිපති නිලනිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී චීන රජය දක්වන සහය ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා සිය කෘතඥතාවය පළ කළේය.

    ඉදිරියේදීත් ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් චීන රජය සහය දක්වනු ඇතැයි විශ්වාසය පළකළ ජනාධිපතිතුමා එළැඹෙන වසරේදී

    ශ‍්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවන්ට වසර 60 ක් සම්පූර්ණ වන බවද සිහිපත් කළේය.

    ශ‍්‍රී ලංකාව තුළින් ත‍්‍රස්තවාදය තුරන් කිරීමට චීන රජය දැක් වූ දායකත්වයට මෙන්ම අන්තර්ජාතික තලයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහය පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදි සිය ස්තුතිය පළ කර සිටියේය.

    පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට සුදුසු පරිසරය සලසා දීම සම්බන්ධයෙන් චීන රජය වෙනුවෙන් සිය ස්තුතිය ජනාධිපතිතුමා වෙත පළකළ චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉදිරියේදීත් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් චීන රජයේ සහය අඛණ්ඩව ලබා දෙන බවද පැවසීය.

    PMD News

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya