නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන නිකුත් කර තිබෙනවා

    ජූලි 05, 2016

    2016 වසර සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිකුත් කර තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (05)පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් යොමු කර තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    ඒ අනුව 2015 වර්ෂයේ නිකුත් කර ඇති මුදල රුපියල් මිලියන 8.04කි 2016 වර්ෂය සඳහා නිකුත් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 9.27ක් බව අමාත්‍යවරයා පැවසී ය.

    පොරොත්තු ලේඛනයේ 1,31,904ක් සිටිනවා. වැඩිහිටි ඕනෑම අයෙකුට ග්‍රාමනිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් මඟින් ඉල්ලුම් කළ හැකියි. ආදායම් බලා පොරොත්තු ලේඛනයට ඇතුළත් කරන්න පුළුවන්. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තිබෙනවා.ඒ අනුව පොරොත්තු ලේඛනයේ සිටින අයටත් ආධාර ලබාදිය හැකියි.

    වැඩිහිටියන් පිළිබඳව තීන්දු ගන්නා සභාවක් තිබෙනවා. සමාජිකත්වය දරණ වැඩිහිටි සභාවයි මේ යෝජනාව ගෙනාවේ.අපි සමෘද්ධි සහනාධාරය රුපියල් 750ක් දෙනවිට ඉන් 140 අනිවාර්ය ඉතිරි කිරීමක් කරලා බැංකු 1400ක් හැදුවේ.රුපියල් 15 කපලා සමාජ ආරක්ෂණ අරමුදල හැදුවේ.


    වැඩිහිටියන් මේ ආධාරය ගන්න එන්නේ, කවුරුහරි ආධාරකරගෙන, ත්‍රීවිල් රථයෙන්, එන්නේ.අපි මේ රුපියල් සියය කපා ගන්නකොට තීන්දු කළා, සමෘද්ධි නිලධාරී හරහා ඔවුන්ගේ නිවසටම ගොස් ලබා දෙන්න.මේ මුදල් ගෙදරටම දිම හරහා මොවුන්ට රුපියල් සීයයට වඩා ලාභයක් අපි ඇති කර තිබෙනවා.හැම වැඩිහිටි නිවසකට අරමුදලක් හදන්න කිව්වා. ඒවාගේ තත්ත්වය බොහොම දුර්වලයි. 306ක් වූ වැඩහිටි නිවාසවල තත්ත්වය ඛේදනීයයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya