විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනායක මහතා විසින් අද (05) පර්ලිමේන්තුවේ දී විගණකාධිපතිවරයා විසින් ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර කුමක්දැයි කළ විමසීමට කතානායකවරයා විසින් පිළිතුරු ලබාදෙනු ලැබීය.
මෑතකදී සිදු වූ මහබැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව විගණකාධිපතිවරයා විසින් මාවෙත ලබාදෙන ලද සවිස්තර හා සංෂිප්ත වාර්තා සම්බණ්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳවත්, එහි රහස්‍යභාවය රැකෙන අයුරින් කටයුතු කිරීමටත්,ඊට අදාළ වැඩිදුර උපදෙස් ලබාගැනීමට නීතිපතිතුමා, විගණකාධිපතිතුමා සහ අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂ කරමි.
දැනටමත් ඒ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිතුමාද කැඳවා සාකච්ඡ කළ අතර ඒ පිළිබඳව එකී කාරක සභාවේ දැනට සිදුකරමින් පවතින විමර්ශන කටයුතුවලට බාධාවක් නොවන ආකරයට කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා බවත් සභාවට දන්වනු කැමැත්තෙමි.
රහස්‍ය වාර්තාවක් මා හට ලැබී තිබෙනවා. ඒ පිළිබඳව කෝප් කමිටුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා.කෝප් කමිටුවේ අනුමැතිය ඇතිව සංක්ෂිප්ත වාර්තාවක් මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා පුස්තකාලයේ තැබිය හැකියැයි ද කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- වාර්තාව කෝප් කමිටුවට ඉදිරිපත් කළා විතරයි. ඔබතුමාට අධ්‍යනයක් කරන්න පුළුවන්. පළමුව කෝප් කමිටුව පිළිගන්න අවශ්‍යයි.