මන්ත්රීවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.
මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා. බහුතරය පීඩාවට පත්වන පාලනයක් හැමදාම මේ රටේ ක්රියාත්මක වුණා. එවැනි තත්ත්වයක් තිබිය යුතු නැහැ. ජනතාව උදෙසා ක්රියාත්මක පාලනයක් ක්රියාත්මක වීමේ දී තොරතුරු දැනගැනීමේ පනත වැදගත් වෙනවා. මේ පනත හරහා ආණ්ඩුව වගකීමට බැදෙනවා. වෙනත් පනත්වලට සාපේක්ෂව මෙය වෙනස් වෙනවා. මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම ජනතා ජයග්රහණයක් වෙනවා. නමුත් මෙය ප්රමාද වීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා යැයි ද මන්ත්රීවරයා පැවසී ය.