නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ අකළේ,ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ මෙහෙයුම් ප්‍රතිපත්ති ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ දී විවාදයට එක්වෙමිනි.
මැතිවරණ කොමිසම විසින් සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතා වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබෙනවා. නීතිමය අවශ්‍යතාවක් ඇති වේලාවක මැතිවරණ කොමිසමට තඩිබෑමත් වැරැදියි. මේ යෝජනා සියල්ල අද සම්මත නොකර කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කර නැවත සාකච්ඡා කිරීම හොඳයි.
මැතිවරණ සංස්කෘතිය විනාශ වීමේ පාපායට බලයේ සිටි සියළුදෙනා වගකීව යුතුයි. කවුද වැරැදි කියා සොයනවාට වඩා අපට දැන් විවර වූ මාවතේ ගමන් කළ යුතුයි. මෙතෙක් කාලයක් පුරා පැවැති මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණය සාධාරණයි. එයයට හේතුව කාගේවත් විශේෂ හැකියාවක් නොවෙයි. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ව්‍යුහාත්මක වෙනස්කම් නිසා පසුගිය ජනාධිපතිවරණය සාධාරණ මැතිවරණයක් බවට පත්වුණා. යහපාලන මාවතේ ගමන් කරමින් මේ උපමාන ඉදිරිපත් කර තිබෙනවා.
මැතිවරණ වකවානුවේදී පමණක් නොව අන් වකවානුවලදී මාධ්‍ය සඳහා නියාමන ආයතනයක් අවශ්‍යයි. රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පොදු නියාමනයක් අවශ්‍යයි.විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ව්‍යුහාත්මක තාක්ෂණික නියාමනයක් නැහැ. ඒ නිසා මාධ්‍ය නියාමනය විය යුතුයි. මුද්‍රිත මාධ්‍ය සඳහා නියාමන ආයතන දෙකක් තිබෙනවා. විද්‍යුත් මාධ්‍යවලට නියාමන ආයතන නැහැ. සමහර මාධ්‍ය දේශපාලන චරිතවලට සහාය දක්වනවා. සමහර අයට පහර දෙනවා. මෙය පොදු දේපළ අවභාවිතයක්. රාජ්‍ය මාධ්‍යයට දැනටමත් මෙය නිකුත් කරන්න පුළුවන්. උපමාන යෝජනා කොමිසමේ තිබුණත් මේවා අමු අමුවේ උල්ලංඝණය කරනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයාට රූපවාහිනියට ගොස් ඒ මාධ්‍ය ආයතනය ඒ මාධ්‍ය ආයතනය නතර කරන්නට සිදු වූ බව සඳහන් කළා. පොදු ජනමාධ්‍ය නියාමනය වෙනුවෙන් සකසන යාන්ත්‍රණයට මෙම උපමාන ඇතුළත් කළ යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.