නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ණය පිළිබඳව පරස්පරතා ඇතිවු‍ණේ ‍කෙ‍සේදැයි ‍සොයා බලනවා- අග්‍රාමාත්‍ය

    ජූනි 22, 2016

    රාජ්‍ය ණය පිළිබඳව  පරස්පරතා ඇතිවු‍ණේ ‍කෙ‍සේදැයි ‍සොයා බලන බවත් රජය විසර්ජන පනතින් අනුමත ණය සීමාව ඉක්මවා ණය ලබා ‍ගෙන ‍‍‍නොමැති බවත් සොයාබැලීමේ වගකීම  ‍  පාර්ලි‍මේන්තු මුදල් කමිටුවට තිබෙන බවත් එය සොයා බලා පාර්ලිමේන්තුවට වර්තාවක් ලබාදිය යුතු  බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රජය අනුමත ණය සීමාව ඉක්මවා ණය ලබා‍ගෙන ඇති බවට විගණකාධිපති වාර්තා‍වේ සඳහන්වන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා  නැගූ ප්‍රශ්නයට පිළිතුරු ‍දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටි‍යේය.

     

    රජය ණය සීමාව ඉක්මවා ණය ලබා‍ගෙන ඇත්නම් රට තුළ  මුදල් භාවිතය අඩුවන බවත් ‍පොලිය වැඩිවිය යුතු බවත් ‍පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලෙන් හා විගණකාධිපති වාර්තා‍වෙන් පරස්පරතා ඇති බව ප්‍රකාශ ක‍‍‍ළේය.


    ස්ථාවර නියෝග යටතේ,අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු වාර්තාවයි,විගණාකාධිපති වාර්තාව දාන්න පමණයි.ඉන් පසු අපේ වාර්තා නැවත දාන්න බෑ.මේ ගැන පැහැදිළි කරන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි.මම මේ ගැන විශේෂයෙන් ම සොයා බැලුවා.මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුණගැසිලා මේ සියල්ල සාකච්ඡා කළා.

     

    ණය තොගය කුමක් ද කියලා සොයන්න කීවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවයි, මේ වාර්තාවෙයි පරස්පරතා තිබෙනවා.අපේ ණය ගැනීම තවත් මිලියන 1500ක් වැඩි වුණා කියල,එය අපිට පෙනෙන්න අවශයි, කොතැනට ගත්තේ කියලා.එලෙස අපි ලබාගත්තා නම් බැංකුවල මුදල් තියෙන්න බෑ.මෙතැන පරස්පර විරෝධයක් තියෙනවා. මහාභාණ්ඩගාරය කියන කාරණයමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියන්නේ.වින්ගනාධිපති වාර්තාව කොහොමද වෙනස් වුණේ කියලා, මොන පදනමින් ද වෙනස් වුණේ කියලා,ක්‍රමවේදය වෙනස් වුණනම්, මුදල් කොමිටිය බලන්න අවශ්‍යයි.මේ වාර්තාව ගැන විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.


    කොහෙන්ද මේ සල්ලි ගත්තේ?අපි ණය මුදල ගත්තා නම් ලංකවේ මෙතරම් මුදලක් භාවිතා වෙන්න බෑ.මීට වඩා පොළිය වැඩි වෙනවා.ආර්ථික ඇමැතිතුමා ලෙස මමත්,ජනාධිපතිතුමාත්, මුදල් ඇමැතිතුමාත් සොයා බලනවා.අන්තිම වගකීම තිබෙන්නේ මූල්‍ය කොමිටියටයි.එය සොයා බලා පාර්ලිමේන්තුවට වර්තාවක් ලබාදිය යුතුයි.

     

    කොහෙන්ද මේ මුදල් ආවේ.කොහෙන්ද සොයා ගත්තේ? එතැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා.ක්‍රමවේදය මාරු කරන විට පාර්ලිමේන්තුව දැනුවත් කරන්න තිබුණා.නැතිනම් කුමක්ද සිදු වුණේ කියා දැනගැනීමට අවශ්‍යයි.

    මුදල් අමාත්‍යාංශය එක කාරණයක් කියනවා, විගණකාධිපති වාර්තාව එකක් කියනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වර්තව තව කරුණක් කියනවා.එය රටට හොඳ නෑ.එම වගකීම බලාගෙනයි අපට වැඩකරන්න තියෙන්නේ යැයි ද අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.


    මෙහිදී අදහස් දැක්වූ මුදල් ඇමැති රවී කරුණානායක මහතා සඳහන් ක‍ළේ, රජය විසර්ජන පනතින් අනුමත උපරිම ණය සීමාව වූ රුපියල් බිලිනය 1780 ඉක්මවා ණය ලබාගැනීමක් සිදු කර ‍නොමැති බවය.

     

    මූල්‍ය විනය ආරක්ෂා කරන්න රජ‍යේ ක්‍රියා පටිපාටිය බව ‍පෙන්වාදුන් මුදල් ඇමැතිවරයා ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මුදල් නිදහස් කිරීම සිදු කර ඇත් ‍තේ 2015 ජනාධීපතිවරණයට ‍පෙර දින‍යේදී බව ‍පෙන්වාදුන්නේ ය.

    රජය ණ සීමාව ඉක්මවා මුදල් ලබා‍ගෙන ඇති බවට සඳහන් කරමින් සාම්ප්‍රදායට පටහැනිව කිසිදු විද්‍යානුකූල පදනමක් ‍නොමැතිව ‍‍ප්‍රකාශ කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ‍කෙ‍රෙහි වැරැදි චිත්‍රයක් සමාජගත කිරීම සුදුසු ‍නොවන බවද මුදල් ඇමැතිවරයා කී‍වේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya