පනත් කෙටුම්පත, කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මූලශනයේ සිටි මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේ ය.
අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් පනත් කෙටුම්පතේ අරමුණ හඳුන්වාදෙමින් විවාදය ආරම්භ කළේය.
විද්‍යුත් දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීමත්,ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ලබාදිම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත ගෙන එන බව අමාත්‍යවරයා විවාදයේ දී අඳහස් දක්වමින් පැවසීය.