නිවාස අහිමිවූ පිරිස් වලට රජය නව නිවාස ලබාදීම සිදුකරන අතර මෙම වැඩපිළිවෙළ නිවාස හා ඉදිකිරීම් අමත්‍යාංශය යටතේ සිදුකරන බවද ප්‍රකාශ කළ අග්‍රමාත්‍යවරයා පවසා සිටියේ ය.
තමන්ට ඉඩම් ඇති අයට එම ඉඩම්වල නිවාස ඉදිකර ගැනිමට අවස්ථාව ලබාදිය හැකිදැයි කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරක් මහතා වාචික ප්‍රශ්න අවස්ථාවේ දී විමස සිටි අතර ඊට පිළිතුඑඋ දෙමින් අග්‍රාමත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එය හොද යෝජනාවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, මෙම නිවාස ඉදිකිරිමේදී භූමිය පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් නිවාස ඉදිකිරීමට ඇති ඇතැම් ඉඩම් වතු සමාගම් වලට අයත්ත ඒවා බවත් පැවසීය.
එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් කටයුතු කිරිම සඳහා සිටින නිලධාරින්ගේ හිඟයක් පවතින බවත් අවශ්‍ය සේවක පිරිස පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස තමන් දැනුම් දුන් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.