නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයෙන් විනාශ වූ නිවාස 2040ක් නැවත ඉදිවෙමින් තිබෙනවා - අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්

    ජූනි 10, 2016

    උතුරු නැඟෙනහිර පළාතේ යුද්ධයෙන් විනාශ වූ නිවාස 2040ක් මිලියන 480ක වියදමින් නැවත ඉදිවෙමින් තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු  අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.


    විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය. යුද්ධය නිමවීමෙන් පසුව ජනතාව යළි පදිංචි කිරීමත්, ඔවුන්ගේ ඉඩම් ගැටළු, රැකියා ගැටළු පෙන්වා දෙමින් විපක්ෂනායකවරයා සිය යෝජනාව ඉදිරිපත් කළේ ය.


    මිලියන 647ක මුදලක් වෙන් කර තිබෙනවා.මෙම ව්‍යාපෘතිය තුළින් පොදු ළිං ඉදිකිරීම හා අලුත් වැඩියා කිරීම,විදුලි සැපයීම ලබාදීමට නියමිතයි. උතුරු නැඟෙනහිර පළාතේ යුද්ධයෙන් විනාශ වූ නිවාස 2040ක් මිලියන 480ක වියදමින් නැවත ඉදිවෙමින් තිබෙනවා.සෑම පවුලකටම ලක්ෂ දෙක බැගින් ලබාදීමටත් නියමිතයි.

    ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා පවුල් 7600ක් සඳහා වැසිකිළි පහසුකම් ලබාදීමට මිලියන 418ක් වෙන් වෙලා තිබෙනවා. මේ වනවිට කටයුතු ආරම්භ වී තිබෙනවා.මෙම ව්‍යාපෘතිය තුළින් වැසිකිළියක් රුපියල් 55000ක් වියදමින් ඉදිකෙරෙමින් පවතිනවා.

     

    යුද්ධයෙන් පසුව නැවත පදිංචි වූ ජනතවගේ යටිතල පහසුකම්  සඳහා මිලියන 632ක මුදලක් වෙන් කොට තිබෙනවා. යුද්ධයෙන්  හානියට පත්  පවුල්වල ජීවනෝපාය නැංවීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.මිලියන 1350ක් මේ සඳහා වෙන් කර තිබෙනවා.යුද්ධය පැවැති ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා මිලියන 20ක් මුදලක් අමාත්‍යාංශය වෙන් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya