නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම පුද්ගලීකකරණය කරන්නේ නෑ.- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    ජූනි 10, 2016

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් කිසිවෙකු බහත්කාරයෙන් විශ්‍රාම ගැන්වීමක් නොකරන බවත් කිසිදු ආකාරයකින් පුද්ගලීකකරණය නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(02) යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    දැනට එක් බස් රථයකට සේවකයන් 6 දෙනෙකු සිටිනවා. කාර්යක්ෂමතාවක් නෑ. සේවක සංඛ්‍යාව 4.5 දක්වා අඩු කළ යුතුයි. අත්‍යාවශ්‍ය 11,000ක සේවක මණ්ඩලයට ඳවාගනිමින් අතිරික්ත සේවකයන්ට කැමැත්තෙන් විශ්‍රාම යා හැකි ලෙස ඉඩ සළස තිබෙනවා. එහෙත් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන්නේ නෑ.

     

    ජනසතු කළ ලංගම  පුද්ගලීකකරණය කරන්නේ නෑ. සේවකයන් තෘප්තිමත් වන ලෙස කටයුතු කරනවා. අහිමි වූ අර්ථසාධක අරමුදල් ගෙවාගෙන යනවා.ලංගමය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.

    රජය අවශ්‍යතාවය හොඳින් හඳුනාගෙන අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා.ලංගමය මිලියන 16,000ක් අර්ථසාධකයට, ණය කරුවන්ට ණය වී තිබෙනවා.වසර 2010  දක්වා නොගෙවූ රුපියල් මිලියන 10,250 හිඟ අර්ථසාධක මුදල මිලියන 8900ක් දක්වා අඩු කළා.අර්ථසාධක අරමුදල් හා පාරිතෝෂික අරමුදල් ගෙවිය යුතුයි.සම්පූර්ණ බර පැටවී තිබෙන්නේ. රජය මේවා නිරාකරණය කිරීමේ කටයුත්තේ යෙදී සිටිනවා යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya