විශ්වාසභංග යෝජනව පරාජයට පත් කිරීමෙන් අනතුරුව අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
එහිදී අඳහස් දැක්වූ අමත්‍යවරයා, ජාතික ආණ්ඩු සංකල්පය ජයගැනීමක්.ඊයේ වනවිට දැනගත්තා පරාජයට පත්වන බව. සැළසුම් අසාර්ථක වුණා. ගෝත්‍රික, මරාගත්, දේශපාලනයට එරෙහිව විශාල ජයක් ලබාගත්තා.ඉතාම හොඳින් විවාදය පැවැත්වුණා. හවස්වනවිට රාජපක්ෂ කල්ලියේ ඉතුරු කොටසත් අර්බුදය ඇති වෙයි.
මේ ගොඩනැගෙන ජාතික දේශපාලනය ඉතම වැදගත්. අද ලැබූ ජයග්‍රහණය ජාතික වැඩපිළිවෙළට විශාල ආශිර්වාදයක් බව ද රටට ආදරය කරන අය යතාර්ථය අවබෝධ කරගෙන ඉදිරියට එන්නැයිද අමාත්‍යවරයා පවසා සිටියේ ය.
මේ අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද එක්විය.