නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දණ ගැස්වූ ආර්ථිකය ගොඩනගා තිබෙනවා-මුදල් අමාත්‍ය

    ජූනි 09, 2016

    දණ ගැස්වූ ආර්ථිකය ගොඩනගා  තිබෙනවා.පිරිසිදු පාලනයක් තිබෙන නිසා, ඉදිරි දැක්මක් සහිතව, ගමන් කරන බවත් මේ රටේ දූගී දුප්පත්කම නැති කිරීමට අවශ්‍ය බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    මුදල් අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු විශ්වාසභංග යෝජනාවේ විවාදයට පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

     

    අපේ මේ රටේ සුසංයෝගී ජාතික ආණ්ඩුව  දණ ගැස්වූ ආර්ථිකය ගොඩනගා තිබෙනවා. දූෂණයට තිත තබා තියෙනවා. තඹ ශතයක අඩුවක් තිබෙනව නම් පෙන්වන්න.


    අවුරුදු 21ක් මම වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා.අපි පිරිසිදු දේශපාලනයකට කැපවී තිබෙනවා. සියලු චෝදනාවලින් නිදොස් කොටයි මෙතැන තිබෙන්නේ. බය නැතිව විශ්වාසභංගයට ඉදිරිපත් වී සිටින්නේ ඒ නිසයි. සෑම ශතයක්ම ජනයා වෙනුවෙන් වියදම් කරන්නේ.අපි 2005 රටේ එකපුද්ගල ණය බරතව රුපියල් 84000යි එය 4,46000ට වැඩි වී තිබුණා භාර ගන්නකොට.අප කොහොමද මේ ණය ගෙවන්නේ. පිරිසිදු පාලනයක් තිබෙන නිසා, ඉදිරි දැක්මක් සහිතව, ගමන් කරන්නේ. සියලු දේම විවෘත්තයි.

    කවුද ලැම්බොගිනි පාවිච්චි කරන්නේ. අපේ රේගුව තුළින් සියයට 44%ක් ආදායම වැඩි වී තිබෙනවා. ලෝකයෙන් ණය ගැනීමේ හැකියාව ඇති වී තිබෙනවා.තඹ සතයක් නැතිවකන්ටේනර් යවලා තිබෙනවා.මෙහෙමයි හොරකම් කරන්නේ. අප පිරිසිදු පාලනයක් ගෙන යන නිසයි කැක්කුම තියෙන්නේ. අපට අවශ්‍ය මේ රටේ දූගී දුප්පත්කම නැති කිරීමටයි. රට සංවර්ධනය කරන්නයි. මේ රටේ සංවර්ධනයක් ඇති කරන්න කටයුතු කරන්න එකතු වෙන්න.

     

    ජනාධිපතිතුමා මේ වනවිට ලෝක නායකයන් 27ක් හමුවී තිබෙනවා. මෙන්න වෙනස. මේවාගේ විශ්වාසයක් ඇති නිසයි අද කැක්කුමෙන් කෑගහනේ.අප දෙස වපරැහෙන් බලන්න එපා. හෙට වෙනස ඇති වීමේ ප්‍රතිලාභ පෙනෙන්නට තිබෙනව. රටේ සංවර්ධනයට එකතුවෙන්න අප සමඟ අත්වැල් බැදගෙන කටයුතු කරන්න. කුමන චෝදනා ඉදිරිපත් කළත්, ඒව බොරු බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya