ඊයේ (08) පාර්ලිමේන්තුවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් ඇති වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් කතානායකවරයා මේ බව පැවසී ය.
ඊයේ පාර්ලිමේන්තුවේ ශබ්ද පරිපාලන පද්ධතියේ ඇති වූ බිඳ වැටීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකශ කරනවා. ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කළා. වගකීමකින් ප්‍රකාශ කරනවා,මෙය කුමන්ත්‍රණකාරී වැඩක් හෝ ඕනෑකමකින් කළ වැඩක් නොවන බවත් සභාවට සඳහන් කරනවා.
මෙය පලමු අවස්ථාව නොවේ. වසර 2002 ,2003,2004 දී මෙවැනි දෙයක් සිදුව තිබෙනවා.මේ පද්ධතිය අවුරුදු 15ක් පරණ පද්ධතියක්.අපි දැනටමත් ටෙන්ඩර් පටිපාටිය අනුව යෝජනා කැඳවා තිබෙනවා,මේ වසර තුළ නව පද්ධතියක් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවායැයි ද කතානායකවරයා පැවසී ය.