නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ගැටලු විසඳීමට සැලසුම් ගත වැඩපිළිවෙළක්

    ජූනි 03, 2016

    මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (02) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2015 උපාධි ප‍්‍රදානෝත්සවයට එක් වෙමිනි.

     

    අපේ රටේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සහ එම වැඩපිළිවෙළ පිළිබඳ කෙතරම් විවේචන සහ චෝදනා එල්ලවුවද ලොව සංවර්ධනය වූ රටවලට වඩා ගුණාත්මක අධ්‍යාපනයක් අපේ රටේ පවතින බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    සෑම රජයක්ම වසරින් වසර නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා සහ එහි ගැටලු මඟහරවා ගැනීම සඳහා සම්පත් ලබාදෙමින් කැපවීම් සිදු කොට ඇති අතර එදා මෙදා තුර රටට ලැබී ඇති නිදහස් අධ්‍යාපන ප‍්‍රතිලාභ පිළිබඳ සතුටු විය හැකි බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    අධි තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ලෝකය ජය ගැනීමට නම් රටේ ජනතාව උගත්කමින් සහ දැනුමෙන් පිරිපුන් විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෙස ජීවත්වීම පිණිස ස්වයං තීරණ ගැනීමට අවශ්‍ය කරන බුද්ධිය මිනිසාට ලබාදීම ද අධ්‍යාපනයේ වගකීමක් බව කියා සිටියේය.

     

    උපාධි ප‍්‍රදානය සංකේතවත් කරමින් සිසු සිසුවියන් 52 කු වෙත උපාධි ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ජී. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු සහ ආචාර්ය මහාචාර්යවරු මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya