ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් අතර හමුවක් පසුගියදා ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.
අවස්ථාවාදී දේශපාලන බලවේගයන් විසින් සිදුකරන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙස මෙහිදී එම ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා තම මාතෘ භූමිය දෙස සුබවාදී දැක්මකින් යුතුව බලමින් එය ගොඩනැගීමට දායකවන ලෙස ද ඉල්ලා සිටියේය.
අපගේ ආරක්ෂක හමුදාවලට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම එදා ජාත්‍යන්තරයේ ඇතැම් රටවල් විසින් ප‍්‍රතික්ෂේප කර තිබූ අතර අද නැවතත් අපගේ ආරක්ෂක හමුදාවන්ට එම පුහුණු අවස්ථා උදාකරදීමට ඔවුන් ඉදිරිපත්වී සිටින බව සිහිපත් කළ ජනාධිපතිතුමා රජය, ආරක්ෂක හමුදාවන් පාවා දෙන බවට ඇතැම් වෙබ් අඩවි ඔස්සේ සිදු කෙරෙන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන් තමන් ප‍්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.
යුද්ධය අවසන් වීමෙන් පසු පශ්චාත් යුද සමයේ ඉටුකළ යුතු වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා වත්මන් රජයට ජාත්‍යන්තරය හමුවේ උත්තර බැඳීමට සිදුව ඇති බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජපානය, වියට්නාමය, කොරියාව වැනි රටවල් යුද ජයග‍්‍රහණ සදාකාලික ජයග‍්‍රහණයක් බවට පත් කර ගනිමින් ලෝකයේ ප‍්‍රබුද්ධ රටවල් බවට පත්වූ නමුත් ශ‍්‍රී ලංකාව ඒ සඳහා අසමත් වූ බවද කියා සිටියේය.
ජාතික සංහිඳියාව ගඩොලින්, සිමෙන්තියෙන් ගොඩනැගිය නොහැකි අතරම වසර 27 ක් පුරා උතුරේ සහ දකුණේ ජනතාව අතර තිබූ සැකය සහ අවිශ්වාසය ගඩොලින් සිමෙන්තියෙන් දුරුකල නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
උතුරේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ මෙහිදී ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තමන්ට හිමි ඉඩම කිසිවෙකු අත්පත් කරගතහොත් මාසයක්, දෙකක් වසරක් බලා සිටිය හැකි මුත් ඉන් ඉදිරියට එසේ කටයුතු කළ නොහැකි බවත් නමුත් උතුරේ ජනතාව මේ ඉල්ලා සිටින්නේ වසර 27 ක් පුරා පැවති අපේක්ෂාවක් බවත් පෙන්වා දුන්නේය.
ජී 7 සමුළුවේදී තමන්ට සියලු රාජ්‍ය නායකයින්ගෙන් ලැබුණු මිත‍්‍රශීලි මෙන්ම ළෙන්ගතු පිළිගැනීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එයින් තහවුරු වෙන්නේ ශී‍්‍ර ලංකා නව රජයේ වැඩපිළිවෙළට ජාත්‍යන්තරයෙන් ලැබී ඇති විශ්වාසය සහ ආශිර්වාදය බව ද කියා සිටියේය.
ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් විසින් මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක ද නිරත විය.