ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධන කටයුතු සඳහා ලබාදීමට ඉන්දියන් තෙල් සමාගම (IOC) විසින් රුපියල් මිලියන පහක මුදලක් ජනාධිපතිතුමා වෙත ඊයේ (24) පෙරවරුවේ ප්‍රදානය කෙරිණි.
තවද එම සමාගමේ සේවකයින්ගේ දිනක වැටුප ද ආපදා තත්ත්වයෙන් විපතට ජනතාවගේ සුබසාධන කටයුතු සදහා පරිත්‍යාග කර තිබේ.
ජනාධිපති කාර්යාලයේදී ඉන්දියන් තෙල් සමාගමේ (IOC) කළමණාකාර අධ්‍යක්ෂ Shyam Bohra ජ්‍යෙෂ්ඨ උප සභාපති anuj Jain සහ සමාගමේ ලේකම් Rajanie Balakrishnan යන මහත්ම මහත්මීන් විසින් අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත භාරදුන්හ.