නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානදුර ගල්බොඩ ශී‍්‍ර මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කෙරේ

    මැයි 16, 2016

    බුරුම දේශයෙන් පරිත්‍යාග කරන ලද අති උතුම් ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේ ප‍්‍රධාන රහතන් වහන්සේලා 25 නමකගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම උදෙසා පානදුර ගල්බොඩ ශී‍්‍ර මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (15) විවෘත කෙරිණි.

    සමරු ඵලකය නිරාවරණය කර අභිනව ධාතු මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා ඊට ප‍්‍රථම පූජෝපහාරය සිදු කළේය.

    විහාරාධිපති පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර නායක ස්වාමින්වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර යන ස්වාමින්වහන්සේලා ප‍්‍රමුඛ දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    මේ අතර පානදුර පිංවත්ත සද්ධර්මාකාර විද්‍යායතන පිරිවෙනේ අභිනව සංඝවාසය විවෘත කිරිමේ පුණ්‍යෝත්සවය ද ඊයේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව සංඝාවාසය විවෘත කළේය.

    විහාරාධිපති පූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද අනුනායක ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය.

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ සැදැහැවත් විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya