ඉන්දීය පදනමේ නියෝජිතයින් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී එම නියෝජිතයින් මේ බව පෙන්වා දුන්හ.
ඉන්දීය පදනමේ ධර්මේන්ද්‍ර ප‍්‍රතාප්, ඉන්දීය අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං, භාරතීය ජනතා පක්ෂයේ ලේකම් රාම් මාධව් යන මහත්වරුන් සහ ඉන්දීය පාර්ලිමේන්තුවේ හිටපු මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.