බි්රතාන්ය දෙදින සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිතුමා මෙලෙස නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළ වෙත ළඟා වූ අතර ඉන්දීය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රාවෝ ඉන්ද්‍රජිත් සිං මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා විශේෂ ගෞරව සහිතව පිළිගනු ලැබීය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ පැවැත් විණි. එහිදි දෙරටටම වැදගත් කරුණු රැසක් පිළිබඳ දෙරටේ නායකයින් අතර ද්වි පාර්ශවික සාකච්ඡාවට ලක් විය.
ජනාධිපතිවරයා අද (14) මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝහි පැවැත්වෙන කුම්භමේලා හින්දු ආගමික උත්සවයට සහභාගීවන ජනාධිපතිතුමා සාංචි නුවර ස්ථාපිත අනගාරික ධර්මපාල පිළිරුව විවෘත කිරීමට ද එක්වනු ඇත.