ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සමඟ ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි.
මැයි 12 වනදාට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව මෙම හමුව සිදු වූ අතර රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.
හෙද උපාධි පීඨය ස්ථාපිත කිරීම, ප‍්‍රජා සෞඛ්‍ය හෙද නිළධාරී තනතුර සඳහා බඳවා ගැනීම, හෙද සේවයේ දැනට පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.
කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව හෙද උපාධි පීඨය ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙන අතර ඒ සඳහා 2016 අය වැය මගින් රුපියල් මිලියන 2,500 ක මුදලක් අනුමත වී තිබේ.
එහි ඉදිරි කටයුතු කඩිනමින් සම්පූර්ණ කර දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අපගේ හෙද සේවාව වඩා ගුණාත්මක සහ ශක්තිමත් සේවාවක් ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෑම සහයක්ම නොඅඩුව ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.
දැනට රටේ හෙද අවශ්‍යතාවය 40,000 ක් පමණ වන අතර මේ වන විට සිටින්නේ 31,000 ක පමණ පිරිසක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ අවශ්‍යතාවය අනුව හෙද සේවාව කාර්යක්ෂම ලෙස යෙදවීමට නොහැකිවීම ගැටලුවක් බවත්, ජාතික වශයෙන් තිබෙන අවශ්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඉලක්කගත වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.
එමෙන්ම වෘත්තීය සමිති මගින් ඉල්ලීම් සිදු කරන විට බොහෝ දුරට ඉදිරිපත් වන්නේ වෘත්තීය ඉල්ලීම් පමණක් වන අතර, එයට අමතරව ජාතික මට්ටමේ අරමුණු ජයග‍්‍රහණය කර ගැනීම සඳහා නව අදහස් සහ යෝජනා ද වෘත්තීය සමිති මඟින් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී පැහැදිළි කළේය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.