අද වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා එය බිඳ දමා අලුත් ආණ්ඩුවක් හැදීමට කරන කුමන්ත‍්‍රණ කිසිසේත් ජයගත නොහැකි බව ද කියා සිටියේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ ඊයේ (27) ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.
අද තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් නොව පක්ෂය තුළ සිට පක්ෂය පරාජය කළ දුෂිත කල්ලියක් සහ පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් පිරිසිදු දේශපාලනයක් තුළ පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන පිරිසක් අතර මතු වු තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
පවුලේ කිහිප දෙනෙක් එක්වී උදෑසන තේ මේසයේදී ගත් තීන්දු තීරණ එදා මේ රටේ අනාගතය තීන්දු කෙරෙන තීරණ බවට පත්වූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා එදා ඇමති මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂය බල රහිත ඇමති මණ්ඩලයක් සහ ආණ්ඩු පක්ෂයක් බවට පත්ව තිබූ බව ද කියා සිටියේ ය.
පැවති රජයේ කි‍්‍රයාකාරීත්වය අද ඇතැමුන්ට අමතක වී යන අයුරු පෙනෙන්නට තිබෙන අතර එවන් දරදඩු, දුෂිත පාලනයක් නැවත මේ රටේ ඇති කිරීම වෙනුවෙන් ඇතැම් මාධ්‍ය ආයතන ද පෙනී සිටීම කණගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වසර 48 ක් හඩ නැගූ තමා ආණ්ඩුවෙන් එළියට බැස්සේ, රටේ ජනතාව වෙනුවෙන් ද්‍රෝහී ගමනක් යන්නට තීන්දු කළ දරදඩු මෙන්ම දුෂත පාලනයක් නවතා දමා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ආරක්ෂා කිරීමට බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පිට පැන කටයුතු කළ එදා රජය 2015 ජනාධිපතිවරණය ජය ගත්තානම් මේ රටේ ජනතාවට මුහුණදීමට සිදුවන බරපතල ඛේදවාචකය දැන දැනත් තමා එසේ නොකළා නම් තමා දේශ ද්‍රෝහියෙක් බවට පත්වන බව ද වැඩිදුරටත් කියා සිටියේය.