අපවත්වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශී‍්‍ර ධම්මානන්ද අත්ථදස්සී මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (13) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අස්ගිරිය පොලිස් කි‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
සංඝ සමාජය තුළ කැපී පෙනෙන පරමාදර්ශී භික්ෂුන් වහන්සේ නමක් වූ උන්වහන්සේ අපවත් වූයේ උන්වහන්සේ වැනි භික්ෂුන් වහන්සේලා රටට ඇවැසි අවස්ථාවක බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා උන්වහන්සේගේ අපවත්වීමෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සෙසු ආගමික ජනතාවද සංවේගයට පත්ව ඇති බව පැවසීය.
ජනතාවට සමීපව, සුහදව, මිත‍්‍රශීලිව උන්වහන්සේ නිරතුරුව කටයුතු කළ බවත් මහනාහිමිපාණන්ගේ පැවිදි දිවියෙන් තරුණ භික්ෂුන් වහන්සේලාට ලබාගත හැකි ආදර්ශයන් බොහෝ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්ද , සැදැහැවතුන් විශාල පිරිසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.