උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති නයන කුමාර මහතා ඇතුථ පිරිස විසින් පිළිගත් අතර සංගමයේ සමරු කලාපයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාරික කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් ද විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.