මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තයට උපරිම ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි- අමාත්‍ය කබීර් හෂීම්

    පෙබරවාරි 26, 2016

    ධීවර කර්මාන්තයට උපරිම ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     


    විවාදයට එක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    අපිට මසුන් පිටරටින් ගෙන්න වෙනවා, දුර බලන්නේ නැති ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැති නිසා. ධීවර කර්මාන්තයට උපරිම ප්‍රමුඛත්වය ලබාදිය යුතු කර්මාන්තයක්. එහෙත් මේ ප්‍රධාන සම්පත උපයෝගී කරගන්න කටයුතු කර නෑ. මේ රටේ දුප්පත් අය ධීවර කර්මාන්තයේ ඉන්නේ. තාක්ෂණික වශයෙන් ඉහළ දැමිය යුතුයි.

     

    2005 සිට 2015 කාලයේ අපේ ධීවර කර්මාන්තයේ ඉරණම කොතැනද? එදා අපි ලුණු පවා පිටරටින් අපනයනය කළා. ධීවර කර්මාන්තයෙන් සෘජුව 2,72,000ක් පමණ ජීවත් වෙනවා. පවුල් ලක්ෂ 10ක් පමණ ආදායම් ලබන්නේ ධීවර කර්මාන්තයෙන්. ධීවර කර්මාන්තයේ අපනයනය වැඩි දියුණු කළ යුතුයි. මිරිදිය, ජලජීවී කර්මාන්තය සැලසුම් සහගතව වර්ධනය  කළ යුතු වෙනවා.

     

    පසුගිය දස වසරක කාලය තුළ මේවා හරියට කළානම්, ධීවර අංශය වර්ධනය වී තිබෙන්න අවශ්‍යයි. මෙය වෙනස් කරන්න ධීවර අමාත්‍යවරයා, පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya