මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටි ජනගහනයෙහි ජීවන තත්ත්වය කළමනාකරණය කිරීමට සැලසුම්

    පෙබරවාරි 25, 2016

    වැඩිවන වැඩිහිටි ජනගහනයෙහි ජීවන තත්ත්වය කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.

    අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

     

    ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහළ යන බවත් ඉදිරියේ දී මේ තත්ත්වය සමාජයට විශාල බලපෑමක් සිදු කරනවා.   ශ්‍රී ලංකවේ වයස අවුරුදු 70 වැඩි ජනගහනය 9,69,374කි. පිරිමි 4,6454කි.කාන්තාවන් 562915කි. වැඩිහිටි ජනගහනය ප්‍රතිශතයක් ලෙස සියයට 12.4%කි.

     

    වයස අවුරුදු 70 සම්පූර්ණ වූ මාසික ආදායම රුපියල් 3000ට අඩු ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට රුපියල් 2000ක දීමනාවක් ලබාදෙයි. වෙන්කළ මුදල ප්‍රමාණවත් නොමැති නිසා වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. වැඩිවන වැඩිහිටි ජනගහනයෙහි ජීවන තත්ත්වය කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.


    විශ්වීය විශ්‍රාම වැටුප් සංකල්පය ක්‍රියාත්මක කිරීම,වයස අවුරුදු 60 ට වැඩි විශ්‍රාම වැටුපක් නොලබන වැඩිහිටියන් උදෙසා සෞඛ්‍ය රක්ෂණ ආවරණ විශ්‍රාම වැටුප් යෝජන ක්‍රමයක්,සමාජ ආරක්ෂණ මණ්ඩලය හා ඒකාබද්ධ වී ආරම්භ කිරීමට සැලසුම් කරමින් පවතිනවා.සමාජ ආරක්ෂණ මණ්ඩලය,ඉදිරියේ දී දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya