මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ප‍්‍රතිභා කලා මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 23, 2015

    මහවැලි ප‍්‍රතිභා කලා මංගල්‍යය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නෙඑම් පොකුණ රඟහලේදී ඊයේ (22) පස්වරුවේ පැවැත්විණි.

    මහවැලි කලාපවල වෙසෙන මහවැලි දු දරුවන්ගේ කලා කුසලතා ලොවට හදුන්වාදීමටත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු වල නිරත දරු දැරියන්ගේ අධ්‍යාපනයට අත්වැලක් සපයනු පිණිස ගොඩනැගූ ”මහවැලි පදනම” ශිෂ්‍යත්ව අරමුදලට අනුග‍්‍රහය ලබාගැනීමත් මෙම කලා උළෙල පැවැත්වීමේ අරමුණ වේ.

     

    උසස්පෙළ අධ්‍යාපනය හදාරණ කලා කුසලතාවලින් හෙබි දරුවන් සදහා මහවැලි පදනම ශිෂ්‍යත්ව 04 ක් සංකේතාත්මකවද සියඑ මහවැලි කලාප නියෝජනය වන පරිදි දක්ෂතම නර්තන කණ්ඩායම් දහය ඇගයීම වෙනුවෙන් එහි නායකයින් සදහා තිලිණ හා සහතිකපත් ද ජනාධිපතිතුමා අතින් මෙහිදී පිරිනැමිණි.

     

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන දහයක නිලධාරීන්ගේ හා සේවකයින්ගේ දිනක වැටුප මහවැලි පදනම ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය. තවද ලංකා බැංකුව සහ ප‍්‍රාදේශිය සංවර්ධන බැංකුව විසින් ද උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු කරන ෆාරාප් නමැති ඉරාන ඉදිකිරීම් සමාගමක් විසින් ද මහවැලි පදනම ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් වන පරිත්‍යාගයන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසූෙවි මහවැලි කලාපවල වෙසෙන මහවැලි දු දරුවන්ගේ කලා කුසලතා ලොවට හදුන්වාදීමටත් මහවැලි ශිෂ්‍යත්ව අරමුදල ශක්තිමත් කිරීමත් වෙනුවෙන් පවත්වන මෙවැනි කලා මංගල්‍යයන් ඉතාමත් කාලෝචිත බවය.

     

    මහවැලි පදනම ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් තම දිනක වැටුප පරිත්‍යාග කළ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වලට ද අනුග‍්‍රහය දැක්වූ අනෙකුත් ආයතන වලට ද මෙහිදී ජනාධිපතිතුමා තම ස්තූතිය පළ කළේය.

     

    විසිතුරු නර්තන හා ගායන අංගයන්ගෙන් මෙම කලා මංගල්‍යය වර්ණවත් විය.

     

    මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන්ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි සභාපතිවරු/අධ්‍යක්ෂවරු, මහවැලි කලාපවල තරුණ තරුණියන් පාසැල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya