මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත වේ

    දෙසැම්බර් 23, 2015

    කොළඹ 02, චිත්තම්පලම් ගාඩ්නර් මාවතේ ඉදිකෙරුණු ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ ෙජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පස්වරුවේ විවෘත කෙරිණි.

    ශ‍්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 103 ක් ගත වුවද මේ දක්වා බාලදක්ෂ ව්‍යාපාරය වෙත ස්ථීර ගොඩනැගිල්ලක් නොතිබුණු අතර එම අඩු පාඩුව සපුරාලමින් සියලූ පහසුකම්වලින් සමන්විත පස් මහල් ගොඩනැ`ගිල්ලක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදි කර ඇත.

     

    ශී‍්‍ර ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වඩා විධිමත් කිරීම මෙහි අරමුණයි.

     

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙරට බාලදක්ෂ ව්‍යාපාරය ගොඩනැගිම සදහා රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවයි.

     

    මනුෂ්‍යත්වය පිරි සමාජයක් ගොඩනැගීම සදහා ලෝකයේ තිබෙන උතුම්ම ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

     

    දැනට අපේ රටේ පාසල් දරුවන් 50,000 ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධව සිටින අතර 2016 නව වසරේදී එය ලක්ෂයක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමටද මෙහිදී යෝජනා කළ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නලධාරින්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

     

    ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඉටුකරන සේවාව උදෙසා ජනාධිපතිතුමා අතින් ඒ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විණි.

     

    ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී. බටුවන්ගල මහතා ඇතුථ නිලධාරිහු ද, දිස්ති‍්‍රක් බාලදක්ෂ නායක නායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya