නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ව්‍යවසාය ආයතන සමාජ ආර්ථික සංවර්ධනයට අතිවිශාල දායකත්වයක් ලබාදෙනවා

    දෙසැම්බර් 15, 2015

    පසුගිය කාලයේ වත්කම් ඔක්කෝම විකුණලා.නාම පුවරුව විතරයි තිබෙන්නේ.රාජ්‍ය ව්‍යවසාය ආයතන සමාජ ආර්ථික සංවර්ධනයට අතිවිශාල දායකත්වයක් ලබාදෙනවා යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවදයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ වැයශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින් මේ බව පැවසී ය.

     

    රාජ්‍ය ව්‍යවසාය ආයතන පොදු ජන ජීවිතය යහපත් කිරීමට රුකුලක් වෙනවා.රාජ්‍ය ව්‍යවසාය ආයතන පාඩු වනවිට එය සෘජුව
    බලපාන්නේ රටේ පොදු ජනතාවටයි.මෙය වෙනස් කිරීමට කටයුතු කරනවා.

    මේ ආයතනවලින් සිදු වූ සේවයක් සිදු වුණේ නෑ. බරක් වුණා මිසක්.2005 සිට 2015 කාලයේ මේ විනාශය සිදු වී තිබෙනවා.රාජ්‍ය
    ව්‍යවසාය ආයතන 36ක තිබෙන්නේ බෝඩ් විතරයි.පසුගිය කාලයේ වත්කම් ඔක්කෝම විකුණලා.නාම පුවරුව විතරයි තිබෙන්නේ.

     

    රාජ්‍ය ව්‍යවසාය ආයතන සමාජ ආර්ථික සංවර්ධනයට අතිවිශාල දායකත්වයක් ලබාදෙනවා.ආර්ථිකයට විශාල බලපෑමක් කරන්න
    පුළුවන් ක්ෂේත්‍රයක්. සමාජ ආර්ථික සංවර්ධනයට කරනන් පුළුවන් ක්ෂේත්‍රය පසුගිය කාලයේ ගජ මිතුරන්ට ලබා දී පද්ධතිය විනාශ
    කරලා තිබ්බා.


    පොදු ජනයාට සේවය කරන මුදල් ලබා දෙන්න සිදු වුණේ පාඩු ලබන ආයනතනවලට පියවන්නයි.වීදුරු ගෙවල්වල ඉදලා ගල් ගහන්න
    එපා.මේ රටේ මිනිසුන්ට දෙන මුදල් ගෙවන්න වෙන්නේ මේ පාඩුව පියවන්නයි. මේක වෙනස් කිරීමට කටයුතු කරනවා යැයි ද
    අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya