පාසල් සිසුන් සඳහා 2016 වසරේ සිට පාසල් නිල ඇදුම් රෙදි වෙනුවට මුදල් වවුචර්පතක් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන
අමාත්‍යවරයා සිය ප්‍රකාශයේ කරුණු අනාවරණය කළේ ය.
ඒ අනුව දිවයිනේ ඕනෑම රෙදි අළෙවිසැලකින් මිලෙන් අඩු තත්ත්වයෙන් උසස් නිල ඇදුම් රෙදි මිලදී ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.නිල ඇදුම් තිළිණපත් සියලුම දරු දැරියන්ට ලබාදීමට පියවර නොගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම
වසරේ පාසල් නිවාඩුවට පෙර 95%ක ප්‍රමාණයක් සිසු දරුවන්ට තිළිණ පත් බෙදා ඇති බැව් අවධානයට ලක් කරනවා.
නිල ඇදුම් වවුචරය මඟින් රෙදි මිලදී ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවට එල්ල වී තිබෙන තවත් චෝදනාවක්.
එහෙත් දැනටමත් 2016 පෙබරවරි 28 දින දක්වා වවුචර් පත් කාලය දීර්ඝ කර තිබෙනවා.ඒ නිසා මාස තුනක කලයක් රෙදි මිලදී
ගැනීමට ලබදී තිබෙනවා.
කිසියම් තිළිණ පතක අනන්‍යතාවය ටහවුරු කර ගැනීමට අවශ්‍ය වන්නේ නම්, අංක 0714390000 දරණ ජංගම දුරකථන
අංකයට කෙටි පණිවුඩයක් ලබාදී තහවුරු කර ගැනීමට අවස්ථව ලබදී තිබෙනවා.
නිල ඇදුම් මැසීමට ප්‍රමාණවත් ඇදුම් මසන්නන් නොසිටින බවද චෝදනා එල්ල කර තිබෙනව. මීට පෙර රජය විසින්
ලබාදුන්නේ ද නිල ඇදුම් රෙදි මිස මසා නිම කළ ඇදුම් නොවන බවද අමාත්‍යවරය පැවසී ය.