නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඇති කරනවා - ක්‍රීඩා අමාත්‍ය

    දෙසැම්බර් 05, 2015

    පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඇති කිරිම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් ඒකාබද්ධ කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය
    විවාදයේ අඳහස් දක්වමිනි.

     


    පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ඇති කිරිම වෙනුවෙන් අධ්‍යාපන ඇමැතිවරයා සහ ක්‍රීඩා ඇමැතිවරයා
    ලෙස මම ඒකාබද්ධ කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක්ද පැවැත්වූවා.ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් පසුවද දරුවන්ගේ ක්‍රීඩා කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

     

    ඒ සම්බන්ධයෙන්ද වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.ශාරිරික අභ්‍යාස සඳහා පසාල් දරුවන් යොමු කිරිම පිළිබඳවත් පාසල් මට්ටමින්
    වැඩපිළිවෙළක් අනිවාර්ය කිරිමට සැළසුම් කර තිබෙනවා.දිවයින පුරා පාසල් 10000ක ප්‍රමාණයක් ති‍බෙනවා.ඉන් පාසල් 5100ට ක්‍රීඩා
    ගුරුවරු නැහැ.මේ පාසල් වලට අවශ්‍ය ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමත් තිරණය කර තිබෙනවා.දැනට සිටින සියලු ගුරුවරු වසර 2016 සිට
    පුහුණු කිරිමේ නව වැඩපිළිවෙළක්ද ආරම්භ කරනවා.

     

    දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණූ නිලධාරින් බඳවා ගැනිමත් සිදු කරනවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම ක්‍රීඩා නිලධාරින්
    නැහැ.සාමාන්‍ය පෙළ උසස් පෙළ සෑම පන්තියකම එක් ක්‍රීඩාවකට හෝ සම්බන්ධ දරුවන්ට ලකුණු ලබා දිමේ විශේෂ ක්‍රමවේදයක් 2016
    සිට ඇති කරනවා.

     

    ක්‍රීඩා වෛද්‍ය ආයතනයත් ශක්තිමත් කරනවා.ඒ වගේම භෞත චිකිත්සකයින් හා සම්භාහනකරුවන් සංඛ්‍යාවත් වැඩි කරනවා.පළාත් හා ක්‍රීඩා පිට්ටනි සම්බන්ධයෙන්ද වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කරන අතර ඒවා නඩත්තු කිරිම සඳහා නිලධාරින් බඳවා ගන්නවා.

     

    පළාත් ක්‍රීඩා වෛද්‍ය ඒකක පිහිටුවනවා.පසුගිය රජය යටතේ ක්‍රීඩා ප්‍රතිපත්තිය ගෙනාවත් එහි අඩුපාඩු තිබෙනවා.ඒ නිසා ක්‍රීඩා
    ප්‍රතිපත්තිය සංශෝධනය කර නැවත ගේනවා.ක්‍රීඩා සංගම් 47න් 17ක ප්‍රශ්න තිබුණා.ක්‍රීඩාවට දේශපානය මැදිහත්විම මගින් විවධ ගැටලු මතුවුණා.ක්‍රීඩකයින්ට විදෙස් පුහුණුව ලබා දිම සඳහා ඉදිරියෙදි කටයුතු කරනවා.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාම සම්බන්ධ කර ගනිමින් ජනතාව ශරිර සුවතා වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනිමේ
    වැඩසටහනක් ආරම්භ කිරිමට සැළසුම් කර තිබෙනවා.පාසල් දරුවන් දියවැඩියා රෝගයට ගොඳුරු වීම වළකාලීමට දරුවන් ක්‍රිඩාවට යොමු
    කරවනවා. ක්‍රීඩාව ,අධ්‍යාපනය , දේශපාලනය පටලවා ගැනිමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya