නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ප්‍රශ්න අපි විසඳාගන්නවා- අගමැති

    දෙසැම්බර් 04, 2015

    අපේ ප්‍රශ්න අපි විසඳාගන්නවා.කාටවත් අපිට බල කරන්න බෑ.ජාතිවාදය අදින් නැතිව අපේ අඩුපාඩු කියන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04 ) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    ආරක්ෂක අමාත්‍යාංශය,අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද
    පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.


    රෝම ගිවිසුම අපි අත්සන් කර නැහැ. අපිට අත්සන් කරන්න කියල බලපෑම් කරන්නෙත් නෑ. ඇමරිකාව අත්සන් කරලත් නැහැ.අපේ
    ප්‍රශ්න අපි විසදගන්නවා.සාර්ක් රටවල් එකක්වත් අත්සන් කරලා නෑ.ඒ නිසා කාටවත් අපිට බල කරන්න බෑ .

    හොලන්ඩ් ජනාධිපතිවරයා බලයට එන්න අයි .එස් .අයි .එස් ගිවිසුම් ගැහුවේ නැහැ. ශ්‍රී ලංකාවේ මොකක්ද සිදු වුණේ, ලක්ෂ්මන්
    කදිරගාමර් විදේශ ඇමැතිතුමා මැරුවට පස්සේ එල්. ටී. ටී. ඊ. ය සමඟ ගිවිසුම් ගැහුවා.සල්ලි දුන්නා, බලය ගන්න.

    මෙතැන ජාති වාදය ඇදලා වැඩක් නෑ. ප්‍රංශය බෝම්බ දැම්මලු.අපිට යුද්ධයක් නෑ බෝම්බ දාන්න.අපි මාලදිවයිනට බෝම්බ දානවාද? තමිල් නාඩුවට බෝම්බ දාන්නද?

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිහින් මේක තැග්ගක් විදියට දුන්නේ කවුද?.කවු ද මේක බැන් කී මූන් එක්ක මේක
    අත්සන් කළේ? අපි නොවෙයි.මානව හිමිකම් උල්ලංඝණය වුණා, ඒවා ලංකාව ඇතුළේ විසඳන්න තිබුණා, පිටරට කියන්නේ නැතිව. යුද්ධය නවත්වන්න චීනය,ඇමෙරිකාව, යුරෝපය උදව් කළා. ඉන්දියාව උදව් කළා. හමුදාවට උදව් කළා.


    කවුද මානව හිමිකම් කවුන්සිලයට ගිහින් කිව්වේ.යුද්දෙ නවතන්න ඇමරිකාව ඇතුළු රටවල් උදව් කළා. එදා මානව හිමිකම්
    උල්ලංඝණය වූ තැන සොයා බලනව කිය ජිනීවා වල දැම්මා.ඇයි ගිහින් එකඟ වුණේ.අපි මෙයින් බේරෙන්නයි දැන් බලන්නේ.කවුද ගිහින් කිව්වේ?.


    අපේ හමුදා ප්‍රතිසංස්කරණය කරන්න, රටවල්වලින් ආධාර ලබාදෙනවා.මේවා සාකච්ඡා කරගෙන යනවා.සරත් ෆොන්සේකා
    හිරේ දැම්ම අයට නිලධරින් ගැන කතා කරන්න බෑ.

    මගේ වාහනයට ගන්න ආවා, තාම වාර්තාව නෑ.ජාතිවාදය ඇදගන්නවානම් හොඳ ජාතිවාදියෙක් වෙන්න.ඒක කරන්නත්
    බෑ.කාඩ්බෝඩ් ජතිවාදීන්.ඩෙවිඩ් කැමරන් කිව්වා නාවික හමුදාව පුහුණු කරන්න සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා කිව්වා.

    එක්නැලිගොඩ,ලසන්න වික්‍රමතුංග මැරුවේ කවුද?. ප්‍රභාකරන්ට විරුද්ධව කටයුතු කළ රවිරාජ්ව මැරුවේ කවුද?. ඒ හින්දා ප්‍රභකරන්
    බලවත් වුනා.

    ජාතිවාදය අදින් නැතිව අපේ අඩුපාඩු කියන්න.මෙතැන ඇපදුන්න විතරයි. ඔය සිරකරුවන් වැඩියෙන් ම දරුණු 12000 ද 38ද කියා
    බලමු. කේ පි තියා ගත්තා .ඒක වැරදි නැත්නම් මේකත් වැරදි නැතැයි අග්‍රාමාත්‍යවරයා විවාදයේ අඳහස් දක්වමින් පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya