මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඵලදායි තරුණ සමාජයක් බිහිකිරීමට මෙම අයවැයෙන් කටයුතු කර තිබෙනවා

    නොවැම්බර් 28, 2015

    තරුණ පරපුර ඉලක්ක කර ගත් දැනුම හා ශ්‍රමය අලෙවිකළ හැකි ඵලදායි තරුණ සමාජයක් බිහිකිරීමට මෙම අයවැයෙන් කටයුතු කර තිබෙන බව වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංග බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ
    විවාදයේ අඳහස් දක්වමිනි.

     

    විපක්ෂයත් සාධණීය ලෙස අයවැය දෙස බලා තිබෙනවා.මේ අයවැයෙන් සියලු අංශවලට බෙදී යන සංවර්ධනයකට කටයුතු කර තිබෙනවා.

     

    රටේ ජනතවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.කෙටි කාලීන පියවර මෙන් ම අයවැයේ සාධණීය ලක්ෂණය වන්නේ දීර්ඝකාලීන පියවර ගැනීමයි.

     

    මුදල් විනිමය නිතිය නව්‍යකරණයකට ලක් කර තිබෙනවා. මේ රටේම මුදල් තැම්පත් කිරීමේ අවස්ථාව සැලසී තිබෙනවා.පසුගිය කාලයේ ව්‍යාපාර තිබුණත් පිරිහීමට ලක්වුණා.පිරිහුණු ආදායමක් නිසා බදු මුදල පහළ වැටුණා.ඉදිරි වසර තුළ බදු ආදායම සිව් ගුණයකින් වැඩි කිරීමට රජයට හැකියාව ලැබෙනවා.

     

    අයවැය මඟින් සෑම අංශයක්ම දෙස බලා තිබෙනවා.තරුණයන් පාරට ඇවිත් රැකියා ඉල්ලන තත්ත්වය වෙනස් කරන්නට තරුණයන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට අයවැයෙන් විශාල පියවර ගෙන තිබෙනවා.තරුණ කටයුතු වෘත්තීය පුහුණුව සඳහා මිලියන 12,000ක් වෙන් කර තිබෙනවා.තරුණ පරපුර ඉලක්ක කර ගත් දැනුම හා ශ්‍රමය අලෙවිකළ හැකි ඵලදායි තරුණ සමාජයක් බිහිකිරීමට මෙම අයවැයෙන් කටයුතු කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya