මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති වෙස්ට් මිනිස්ටර් නිවසේ නා පැලයක් රෝපණය කරයි

    නොවැම්බර් 23, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ලෙස සිය ධුරකාලය අවසන් වීම සංකේතවත් කරමින් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිවරයාගේ නිල නිවස වන වෙස්මිනිස්ටර් (Westminster House) නිවසේ පිහිටි උද්‍යානයේ නා පැලයක් අද (23) පෙරවරුවේ රෝපණය කළේ ය.

    මේ සති අන්තයේ පැවැවෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේදී ජනාධිපති සිරිසේන සිය සභාපතිධුරය මොල්ටා ජනාධිපතිනියට පැවරීමට නියමිත ය.

     

    ඉන්පසුව ජනාධිපති සිරිසේන හා මහකොමසාරිස් ජේම් ඩවුරිස් (James Dauris) චෝගම් සමුළුව (CHOGM) සම්බන්ධවත්,එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව සහ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය ක්‍රියාවට නැඟීමේ ප්‍රගතිය පිළිබඳවත් සාකච්ඡා කළ හ.

     

    පොදු රාජ්‍ය මණ්ඩලය තුළ දෙරටේ සහයෝගීතාවය හා පරිසර න්‍යාය පත්‍රය වඩා ප්‍රතිඵලදායී ලෙස සම්පාදනය කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය දරන උත්සාහය ගැනද මෙහිදී සාකච්ඡා කෙරුණි.

     

    එක්සත් රාජධානිය ඉදිරි පස් වසර සඳහා පාරිසරික ව්‍යාපෘතිවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක පරිත්‍යාගයක් කරන බව නිවේදය කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya