මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව යළි ආරම්භ වෙයි- අයවැය පොත ගැන කරුණු පැහැදිලි කරයි

    නොවැම්බර් 23, 2015

    අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් පොතක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තබන ලද අතර ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි.

    එහිදී කතානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ පැහැදිළි කිරීම කරන ලෙස සභානයකවරයාට දැන්වීය.

     

    එහිදී සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පැහැදිලි කිරීම සිදු කළේ ය.

     

    එක අයවැය කතාවයි කරන්නේ.කරුණු සියල්ල අයවැය කතවට ඇතුළත් කර තිබෙනවා.අපි විවාද කරන්නේ අයවැය කතවයි.ඉංග්‍රීසි,දෙමළ මුද්‍රණයේ වගන්ති පහක් ඇතුළත් කර තිබුණත් සිංහල මුද්‍රණයේ වගන්ති පහක් ඇතුළත් වී තිබුණේ නෑ. අද එය නිවැරදි කර ඉදිරිපත් කර තිබෙනවා යැයි සභානායකවරය පැවසී ය.


    මෙහිදී කරුණු පැහැදිළි කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ,පොතේ අලුත් කරුණු අඩංගු නෑ.සිංහල මුද්‍රණයට පමණයි මෙය සිදු කළේ.පිටු තුනක් හැලී තිබුණා.අංග සම්පූර්ණ පොතක් දීම සඳහා පොත ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා කරුණු පැහැදිළි කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya