මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන නල පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම ඉක්මනින් සිදු කරනවා

    නොවැම්බර් 23, 2015

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන් ම ඉන්ධන නල පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම ඉක්මනින් සිදු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සොයාබැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට ඉදිරි පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    තෙල් නල පද්ධතිය දීර්ග කාලයක් තිස්සේ පවතින බවත් නල තුනක් පවතින අතර ඉන් අගල් 12 නලය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවත් ඇතැම් ප්‍රායෝගික අපහසුතා ඇති වී තිබෙන බවත්, එහෙත් ඉතාම ඉක්මනින් නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බවද
    අමාත්‍යවරයා පවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya